කොවිඩ් මරණවලට ප්‍රමුඛතම හේතුව වී ඇති බහුලම රෝග දෙක ගැන අනාවරණයක්

කොවිඩ් මරණවලට ප්‍රමුඛතම හේතුව දියවැඩියාව හා අධික රුධිර පීඩනය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොවිඩ් වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 80% ක්ම අදාළ රෝගවලින් පෙලෙන රෝගීන් වන බවයි එහි කොවිඩි 19 පිළිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ.

නිවෙස් නිරෝධායනය වූ කොවිඩ් රෝගීන් 75,000කට අධික පිරිසක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබෙන බවද ඔහු පැවසුවා.

ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භුමදාන මධ්‍යස්ථානයේ මේ වන විට 3,000 ඉක්මවා කොවිඩ් මරණ භුමදානය සිදු කර තිබෙනව බවද වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?