කොවිඩ් ආසාදිත දින 20ක දරුවා ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

කෝවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මියගිය දින 20ක් වයසැති ළදරුවා ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු මස 29 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

මෙම පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විනිසුරු දිලීප් නවාස් මහතා  පුද්ගලික හේතුවක් මත පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව දැනුම් දෙනු ලැබුවා.

මියගිය ළදරුවාගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මීළඟ දින  සලකා බැලීමට නියමිතය. අද දින මෙම පෙත්සම විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.

කෝවිඩ්-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයන් ආදාහනය කිරීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතර තීන්දුවෙන් නිෂ්ප්‍රභ වී ඇති බවත් මෙම පෙත්සම තුලින් අලුත් කරුණු කාරණා ඉදිරිපත් කර ඇති බැවින් ඒ සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට අගවිනිසුරුවරයාගෙන් පෙත්සම්කරුගේ නීතිඥවරයා ඉල්ලීමක් කර තිබුණා.

පෙත්සම්කරුවන් (දෙමව්පියන්) මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිනා ෂෆ්නාස් ගොනු කළ මෙම පෙත්සමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,  රිජ්වේ ආර්යාව රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම් ඇතුළු  තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

තම අලුත උපන් දරුවා සඳහා COVID-19  වැළදී ඇති  බව පැහැදිලි කිරීම සඳහා කිසිදු ලේඛනමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බව පෙත්සම්කරුවන් දෙදෙනා පවසා සිටියි.

පෙත්සම්කරුවන්ගේ දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම මගින්  ඉල්ලා සිටී.

දෙමව්පියන්ගේ කැමැත්තට පරිබාහිරව දරුවාගේ සිරුර ආදාහනය කළ බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46