AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදනය වී අවසන් හුස්ම හෙලන තෙක් සේවය කල ඩොක්ටර් ෂිරින් රුහානි

ෂිරින් රුහානි ඉරානයේ ෂෝබාඩා රෝහලේ සේවය කර ඇති අතර එහිදී ඇය කොවීඩ් වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටහනක නිරත වුනා.

ගෝලීය වසංගතය වන කොරොන වයිරස් සමඟ ඇය දැඩි සටහනක නිරත වූ මොහොතක ඉරාන වෛද්‍ය ෂිරින් රුහානි මාරාන්තික වෛරසයට ගොදුරු උනා.රෝගයට ගොදුරු වී සිටියදීත් සෞඛ්‍යය සේවකයන් ප්‍රමානවත් නොවන නිසා ඇය දිගින් දිගටම සේවය නිරත වීම හේතුවෙන් අවසන් හුස්ම සේවය කරන රෝහලේදිම් හෙල්ලිමට සිදු වුනා.

COVID-19 සමඟ සටන් කරන මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඇය දැරූ උත්සාහය අගය කිරීම සඳහා නෙට්සීන් විසින් ෂිරින්ගේ පින්තූරය ප්‍රසිද්ධියට පත් කරන ලදී.

ඇය කොවීඩ් ආසාදනය වී සිටියදී රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දුටු බොහෝ දෙනා හැගීම් බරවිය.

ඇය වෛරසයෙන් ජීවිත අහිමි වූ ඉරානයේ බොහෝ සෞඛ්‍ය සේවකයින්ගෙන් කෙනෙකි. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන සෞඛ්‍ය සේවා සපයන්නන් අතර ඉරානයේ ඉහළ මරණ අනුපාතයක් දක්නට ලැබේ.

රෝගීන් බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබන වෛද්‍යවරුන්ට ස්තූති කිරීමට හා අගය කිරීමට මිනිසුන් එය අන්තර්ජාලයට එක් කර ඇති අතර මේ වන විට ෂිරින් රුහානිගේ ඡායාරුපය අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වී තිබේ.

ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, සෑම පැයකටම අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකුට COVID-19 ආසාදනය වන අතර සෑම මිනිත්තු දහයකට වරක් පුද්ගලයෙකු වෛරසයට ගොදුරු වේ.එම අවසන් හුස්ම හෙලන අවස්ථාව Tweet වෙබ් අඩවිය හරහා මෙසේ අන්තර්ජාලයට එක් කර තිබුනා.

20210501Ruhani 2
20210501Ruhani 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?