කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහනේට

මාර්තු මාසය අග සතියේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහනේට හිමි ව තිබෙනවා.

එහි උප නායකත්වය හිමි ව ඇත්තේ වෙන්කටේෂ් අයියර් හට යි.

ඉන්දීය රුපියල් කෝටි 23.75කට අයියර් අලෙවි වුණා.

වත්මන් ශූරයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නව මුහුණුවරකින් මෙවර නායකත්වය පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

“IPL හි වඩාත්ම සාර්ථක කණ්ඩායමක් වන KKR කණ්ඩායමට නායකත්වය දීමට ඉල්ලා සිටීම ගෞරවයක්,” රහනේ සඳහන් කළා.

“අපිට විශිෂ්ට හා සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා මම හිතනවා. මම හැමෝම එක්ක වැඩ කරලා අපේ ශූරතාව ආරක්ෂා කිරීමේ අභියෝගය භාරගන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?