කොරෝනා වෛරසය ගැන තවත් අසුබ ආරංචියක්

මීට දින දෙකකට පමණ පෙර කොවිඩ් 19 වෛරසයට අදාළව තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන අතර එය මේ වනවිට ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින අතර එම ප්‍රභේදය දැනට ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයටත් වඩා තවත් 15%කින් පමණ ප්‍රභල බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා අනාවරණය කළා.

ඒ, මේ සම්බන්ධයෙන් අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යාමට මෙම නව වෛරස ප්‍රභේදය බලපා ඇති බවට විශේෂඥයින් මත පළකර තිබෙන අතර ඒ සම්බන්ධ දත්ත රැස්කිරීම මේ වනවිට සිදුවන බවයි ආචාර්ය සංජය පෙරේරා පැවසුවේ.

මෙය ඉතා සැලකිය යුතු කාරණයක් වන අතර ඉන්දුනීසියාව වැනි කොවිඩ් දැඩිව පාලනය කළ රටකටත් එම වෛරසය ඇතුළු වූයේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බලධාරීන් වඩා

සැලකිලිමත් විය යුතු බව ඔහු කියා සිටියා.

දැනට පවතින තත්ත්වය හමුවේ එම වෛරසය ශ්‍රී ලංකාවටත් ඇතුළු වුවහොත් එය සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගැනීමට නොහැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

”මෙවැනි කාරණා වලදී රජයට පමණක් සම්පූර්ණ වගකීම ගන්න බැහැ.ජනතාවත් වගකීමෙන් 50%ක් ගන්න ඕනේ. මම කියන්නේ නැහැ රටම ලොක් ඩවුන් කරන්න කියල. රටේ ආර්ථිකයත් එක්ක ඒක එහෙම කරන්න බැහැ. ගුවන් තොටුපොළවල් සම්බන්ධයෙන් වුණත් වහන්න කියනවා නෙවෙයි වැඩපිළිවෙලක් හදන්න වෙයි නැවත. මොකද නව විකෘති ප්‍රභේදය ඉන්දියාවේ පමණක් නෙවෙයි එංගලන්තයේ පවා තිබෙනවා.

ඒ වගේම තමයි දැනට ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන චීනයේ සයිනෝෆාම් එන්නතද ඇතුළුව හොඳ ආරක්ෂාවක්  ලබා දෙන බව තහවුරු වෙලා තිබෙන්නේ. දැන් මේ නව වෛරස ප්‍රභේදයට දැනට තිබෙන එන්නත්වල බලපෑම ගැනත් දත්ත රැස්කරමින් තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?