කොරෝනා වෛරසය ගැන තවත් අසුබ ආරංචියක්

මීට දින දෙකකට පමණ පෙර කොවිඩ් 19 වෛරසයට අදාළව තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන අතර එය මේ වනවිට ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින අතර එම ප්‍රභේදය දැනට ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයටත් වඩා තවත් 15%කින් පමණ ප්‍රභල බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා අනාවරණය කළා.

ඒ, මේ සම්බන්ධයෙන් අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යාමට මෙම නව වෛරස ප්‍රභේදය බලපා ඇති බවට විශේෂඥයින් මත පළකර තිබෙන අතර ඒ සම්බන්ධ දත්ත රැස්කිරීම මේ වනවිට සිදුවන බවයි ආචාර්ය සංජය පෙරේරා පැවසුවේ.

මෙය ඉතා සැලකිය යුතු කාරණයක් වන අතර ඉන්දුනීසියාව වැනි කොවිඩ් දැඩිව පාලනය කළ රටකටත් එම වෛරසය ඇතුළු වූයේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බලධාරීන් වඩා

සැලකිලිමත් විය යුතු බව ඔහු කියා සිටියා.

දැනට පවතින තත්ත්වය හමුවේ එම වෛරසය ශ්‍රී ලංකාවටත් ඇතුළු වුවහොත් එය සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගැනීමට නොහැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

”මෙවැනි කාරණා වලදී රජයට පමණක් සම්පූර්ණ වගකීම ගන්න බැහැ.ජනතාවත් වගකීමෙන් 50%ක් ගන්න ඕනේ. මම කියන්නේ නැහැ රටම ලොක් ඩවුන් කරන්න කියල. රටේ ආර්ථිකයත් එක්ක ඒක එහෙම කරන්න බැහැ. ගුවන් තොටුපොළවල් සම්බන්ධයෙන් වුණත් වහන්න කියනවා නෙවෙයි වැඩපිළිවෙලක් හදන්න වෙයි නැවත. මොකද නව විකෘති ප්‍රභේදය ඉන්දියාවේ පමණක් නෙවෙයි එංගලන්තයේ පවා තිබෙනවා.

ඒ වගේම තමයි දැනට ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන චීනයේ සයිනෝෆාම් එන්නතද ඇතුළුව හොඳ ආරක්ෂාවක්  ලබා දෙන බව තහවුරු වෙලා තිබෙන්නේ. දැන් මේ නව වෛරස ප්‍රභේදයට දැනට තිබෙන එන්නත්වල බලපෑම ගැනත් දත්ත රැස්කරමින් තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18