AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා වෙනුවෙන් කැප වුණු දක්ෂම ඉන්දියානු වෛද්‍යවරයෙකු සියදිවි හානි කරගනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, ගොර්ක්පූර් හී රෝහලක වෛද්‍යවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ. 

ඉන්දියානු වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා වන වෛද්‍ය රවී වන්කෙඩ්කර් විසින් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් පවසා තිබුණේ කොරෝනා දෙවන රැල්ල ආරම්භයේ දී මෙම සියදිවි හානි කරගත් වෛද්‍යවරයා වන විවේක් රායි විසින් කොරෝනා ආසාදිතයන් 100කගේ පමණ ජීවිත ගලවා ගැනීමට සමත් වූ බවයි.

දිනපතාම ඇතුළත් වෙන රෝගීන් බොහෝ දෙනෙකු සමඟ ඉතාමත් ළඟින් කටයුතු කළ වෛද්‍ය විවේක් රායී හට සමහර අවස්ථාවලදී මිය ගිය රෝගීන්ගේ සංවේදීව සිටින ඥාතින් විසින් දැඩි විවේචනයන් පවා එල්ල කර තිබූ බවත් වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා විසින් සඳහන් කර තිබුණි.

රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යන සෑම අවස්ථාවකම පාහේ විවේක්ගේ මානසික පීඩනයද වැඩිව තිබූ බවද හෙතෙම වැඩිදුරටත් සටහන් කර තිබුණි.

හිටපු සභාපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ විවේක් මුහුණ දුන් අමිහිරි තත්ත්වය නිසා ඔහු දැඩි ලෙස දුක් වේදනාවට පත්ව සිටි බවයි. 

ඔහුගේ ඉදිරියේ මිය ගිය රෝගීන් නිසා ඔහුගේ චිත්තවේග පවා බිඳ වැටී තිබුණු බවද සභාපතිවරයා සඳහන් කරන්නේ එවන් තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම අවාසනාවන්ත තීරණය ගන්නට ඇති බවද පවසමිනි.

වෛද්‍ය විවේක් රායී මරණයට පත්වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ මාස 02ක ගැබිනියක්ව සිටි බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?