කොරෝනා වෙනුවෙන් කැප වුණු දක්ෂම ඉන්දියානු වෛද්‍යවරයෙකු සියදිවි හානි කරගනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, ගොර්ක්පූර් හී රෝහලක වෛද්‍යවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ. 

ඉන්දියානු වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා වන වෛද්‍ය රවී වන්කෙඩ්කර් විසින් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් පවසා තිබුණේ කොරෝනා දෙවන රැල්ල ආරම්භයේ දී මෙම සියදිවි හානි කරගත් වෛද්‍යවරයා වන විවේක් රායි විසින් කොරෝනා ආසාදිතයන් 100කගේ පමණ ජීවිත ගලවා ගැනීමට සමත් වූ බවයි.

දිනපතාම ඇතුළත් වෙන රෝගීන් බොහෝ දෙනෙකු සමඟ ඉතාමත් ළඟින් කටයුතු කළ වෛද්‍ය විවේක් රායී හට සමහර අවස්ථාවලදී මිය ගිය රෝගීන්ගේ සංවේදීව සිටින ඥාතින් විසින් දැඩි විවේචනයන් පවා එල්ල කර තිබූ බවත් වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා විසින් සඳහන් කර තිබුණි.

රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යන සෑම අවස්ථාවකම පාහේ විවේක්ගේ මානසික පීඩනයද වැඩිව තිබූ බවද හෙතෙම වැඩිදුරටත් සටහන් කර තිබුණි.

හිටපු සභාපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ විවේක් මුහුණ දුන් අමිහිරි තත්ත්වය නිසා ඔහු දැඩි ලෙස දුක් වේදනාවට පත්ව සිටි බවයි. 

ඔහුගේ ඉදිරියේ මිය ගිය රෝගීන් නිසා ඔහුගේ චිත්තවේග පවා බිඳ වැටී තිබුණු බවද සභාපතිවරයා සඳහන් කරන්නේ එවන් තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම අවාසනාවන්ත තීරණය ගන්නට ඇති බවද පවසමිනි.

වෛද්‍ය විවේක් රායී මරණයට පත්වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ මාස 02ක ගැබිනියක්ව සිටි බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09