AFC Banner
AFC Banner
Empty Ad

කොරෝනා වැළදී සිටි කොස්ගොඩ තාරකට ඩෙංගුත් වැළඳෙයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

එම පිරිස අතර ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක, කොස්ගොඩ තාරක ගේ සහෝදරයා වන මධුක නිර්මාල් පෙරේරා, ඩබ්ලිව් එම්.පී.පි බණ්ඩාර හා මොහොමඩ් ඉබ්බ්‍රාඉම් යන පුද්ගලයන් බව උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග රඳවා සිටි අයවලුන් බවත් එම පුද්ගලයන් ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් පිරිසකට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?