කොරෝනා මරණ 7ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තාවී තිබෙනවා. මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 483ක් ලෙසයි දැක්වෙන්නේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත