කොරෝනා නිසා මෙතෙක් රටට පාඩුව බිලියන 1500ක්

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගතවූ වසරක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික හානිය රුපියල් බිලියන 1500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරයි.

2020 මාර්තු මාසයේදී කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා ඒ සඳහා විවිධ වියදම් දරා තිබේ.

එන්නත් මිලදී ගැනීම, සහන සේවා, තාක්ෂණික සේවා සැපයීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තුව රජයේ නව වියදම් ලැයිස්තුවට එක් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

නමුත් ඊට සාපේක්ෂව රටේ ආර්ථික වර්ධනය අඩාල වී ඇති බවත් 2020වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 5%ක් වූ වුවද ලැබුණු ආර්ථික වර්දනය -4% වූ බවත් ඔහු කියා සිටියේය.

එම කාලයේ දී සංචාරක ආදායම් මෙන්ම සෙසු අපනයන ආදායම් මුලින් ලැබෙන ආදායම පහළ ගිය බවත් පෙන්වා දුන් ඔහු එම සියලූ තත්ත්වයන් මත කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙතෙක් සිදු වූ හානිය රුපියල් බිලියන 1500ක් පමණ යයිද තව දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47