කොරෝනා එන්නත ගන්න අයට ආණ්ඩුවෙන් දෙන තෑග්ග

ලොව පුරා කොරෝනා මරණ මිලියන හතර ඉක්මවා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඉන් මරණ මිලියන දෙකක්ම වාර්තාවී ඇත්තේ කොරෝනා වෛරසය හඳුනාගෙන වසර එකහමාරක පමණ කාලය තුළ බවයි. ගතවූ දින 166 ක කාලය තුළ එය මිලියන හතර දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා.

ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ මෙක්සිකෝව යන රටවලින් ලොව වැඩිම මරණ වාර්තාවී ඇති අතර, එම රටවල මරණ සංඛ්‍යාව ලොව සමස්ත කොරෝනා මරණවලින් හරි අඩක් පමණ වනවා.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කොරෝනා වෛරසයේ බිහිවීම පිළිබඳ ඊළඟ විමර්ශන ආරම්භ කළ යුත්තේ ඇමරිකාවෙන් බවට චීනය ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

කොරෝනා වෛරසය බිහිවීමට බලපෑ සාර්ස් කොව් ටූ වෛරසය ආසාදිත හත්දෙනෙකු ඇමරිකාවේ ප්‍රාන්ත පහකින් 2019 වසරේදී වාර්තාවී ඇති බවයි චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සෙන්ග් ගුවැන්ග් සඳහන් කළේ.

ඒ බව ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය මෙම සතියේදී නිකුත් කළ අධ්‍යයන වාර්තාව මගින් පැහැදිළි වන බව ඔහු පෙන්වාදී තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකාව අවධාරණය කරන්නේ වෛරසයේ ප්‍රභවය පිළිබඳව සැබෑ තතු චීනය විසින් සඟවන බවටයි.

චීනයේ වූහාන් හි රසායනාගාරයකින් මෙම වෛරසය බිහිවී ඇති බවට ඇමරිකාව දිගින් දිගටම චෝදනා කරනවා.

එවැනි පසුබිමක් තුළ ඇමරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව දුරකථනය ඔස්සේ හෝ මුහුණට මුහුණ හමුවී සිදුකරන සාකච්ඡාවක්ද යන්න පිළිබඳව තවමත් ධවල මන්දිරය ප්‍රකාශ කර නැහැ.

කෙසේ වෙතත් ලබන ඔක්තෝම්බර් මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී විස්ස සමුළුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට ඉඩ ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

මේ අතර ඉන්දුනීසියාවේ වැඩිහිටියන් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ව ඊට පෙළඹවීම සඳහා එන්නත් ලබා ගන්නා අයට කුකුලෙකු ලබාදීමට එරට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කරමින් සිටින බවට වාර්තාවනවා.

බටහිර ජාවා ප්‍රාන්තයේ සින්ජූර් ප්‍රදේශයේ අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.මෙම වැඩසටහන දියත් කිරීමට පෙර පුද්ගලයින් 200 ක් අතුරින් 25 දෙනෙකු පමණක් එන්නත ලබාගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණි නමුත් මේ වනවිට දිනකට පුද්ගලයින් 250 ක් පමණ කුකුළා ලබාගැනීමේ අපේක්ෂාවෙන් එන්නත්කරණය සඳහා පැමිණෙන බව එම වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?