කොරියානු භාෂා විභාගයෙන් 3950ක් සමත්

නිෂ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

2022.07.04 දින සිට 2023.02.03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය පැවැත් වුණා.

විභාගය සඳහා අපේක්ෂකයින් 24378ක පිරිසක් අයදුම් කරන තිබුණ ද, විභාගය සඳහා පෙනී සිටියේ ඉන් අයදුම්කරුවන් 18269 ක් පමණයි.

මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

මේ අතර, දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත හත්වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීම පසුගිය (13) දින ආරම්භ කෙරුණා.

අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 22 දින දක්වා සිදුකරනු ලබනවා.

ලියාපදිංචි කිරීම ආරම්භ කළ දිනයේ සිට මේදක්වා අයදුම්කරුවන් 7800ට අධික පිරිසක් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියාසිටියේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය සැප්තැම්බර් 1 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීම කොරියාවේ රැකියාවක් ලබාදීම සහතික නොකරන අතර එය රැකියා අපේක්ෂකයන්ගේ අයදුම්පත්‍රය කොරියානු වෙබ් අඩවියේ ලියාපදිංචි කිරීමට සුදුසුකමක් ලෙස පමණක් සලකනු ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?