කොරියානු භාෂා විභාගයෙන් 3950ක් සමත්

නිෂ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

2022.07.04 දින සිට 2023.02.03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය පැවැත් වුණා.

විභාගය සඳහා අපේක්ෂකයින් 24378ක පිරිසක් අයදුම් කරන තිබුණ ද, විභාගය සඳහා පෙනී සිටියේ ඉන් අයදුම්කරුවන් 18269 ක් පමණයි.

මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

මේ අතර, දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත හත්වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීම පසුගිය (13) දින ආරම්භ කෙරුණා.

අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 22 දින දක්වා සිදුකරනු ලබනවා.

ලියාපදිංචි කිරීම ආරම්භ කළ දිනයේ සිට මේදක්වා අයදුම්කරුවන් 7800ට අධික පිරිසක් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියාසිටියේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය සැප්තැම්බර් 1 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීම කොරියාවේ රැකියාවක් ලබාදීම සහතික නොකරන අතර එය රැකියා අපේක්ෂකයන්ගේ අයදුම්පත්‍රය කොරියානු වෙබ් අඩවියේ ලියාපදිංචි කිරීමට සුදුසුකමක් ලෙස පමණක් සලකනු ලබන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46