කොන්දොස්තරවරුන් නොමැති බස් රථ කොළඹට (වීඩියෝ)

තවත් මාස 3කින් පමණ කොළඹ නගරයේ කොන්දොස්තරවරුන් නොමැති බස් රථ ධාවනය ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙම බස් රථ පරිසර හිතකාමී අයුරින් ධාවනය වන ඒවා වන අතර එහි ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ් පතකින් පමණක් බවයි.

මෙම බස් රථ ධාවනය මගින් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කර ගැනීමට හැකිවනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

පළමු පියවර වශයෙන් කොළඹ ධාවනය සඳහා සුඛෝපභෝගී බස් රථ 50ක් චීනයෙන් ගෙන්වීමට සැලසුම් කර ඇති අතර ඒවා පරිසර හිතකාමී අයුරින් ධාවනය කෙරෙන විද්‍යුත් බස් රථ වන බවයි ඔහු කියාසිටියේ.

එම බස් රථවල ගමන් කිරීමට විද්‍යුත් ගෙවීම් කාඩ්පතක් යොදාගත යුතු අතර කොන්දොස්තරවරුන් නොමැතිව ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ නගරයට එම බස් රථ යොදවනු ලබන්නේ තදබදය අවම කිරීමට වන අතර දැනට ධාවනය වන බස් රථ වෙනුවට නව බස් රථ යොදාගන්නා බව ද ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

තවත් මාස 3කින් පමණ නව බස් රථ ධාවනයට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර බස් රථ සහ ලොරි ආනයනයට අවසර ලැබීම පිළිබඳ අදහස් දක්වමින් ගැමුණු විජේරත්න කියාසිටියේ බස් රථ ගෙන්වීමට අවශ්‍ය බවට රජයට ලිඛිතව දැනුම් දුන් බවයි.

ගම් ප්‍රදේශවලට බස් රථ අවශ්‍ය වන අතර ත්‍රී රෝද රථ හිමියන් ජනතාව සූරාගෙන කන බවයි බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව බස් ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට ස්තූතිවන්ත වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?