කොන්දේසි විරහිතව සමාව ගත් සේපාල් නිදහස්

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කළා.

ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී සැකකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාව ගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැද සිටින බව දන්වා සිටියා.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් දන්වා සිටියා.

එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැද සිටියා.

ඒ, අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදාහැරීමට ද නියෝග කළා.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

https://youtu.be/LuBP-P6IQQ4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?