කොන්දේසි විරහිතව සමාව ගත් සේපාල් නිදහස්

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කළා.

ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී සැකකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාව ගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැද සිටින බව දන්වා සිටියා.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් දන්වා සිටියා.

එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැද සිටියා.

ඒ, අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදාහැරීමට ද නියෝග කළා.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

https://youtu.be/LuBP-P6IQQ4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08