කොදෙව් T20 ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ අකීල් හොසේන් – රූට් යළිත් මුලට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රේණිගත කරනු ලබන පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉතිහාසයේ පළමු වරට කොදෙව් ක්‍රීඩකයෙකු මුලසුන අත්පත් කරගෙන තිබෙනවා.

අකීල් හොසේන් (Akeal Hosein) අද (18) දින සිදු කරන ලද නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තයට එරෙහිව පසුගියදා ලුසියා හි දී නිමාවට පත් වූ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මීට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

අකීල් මීට පෙර සිටියේ සිව්වැනි ස්ථානයේයි.

ඒ අනුව අකීල් නවතම දක්ෂතාවලින් ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන තිබෙනවා.

අකීල් හොසේන් ප්‍රසාද ලකුණු 707ක් හිමිකරගෙන ඇති අතර මෙම ලැයිස්තුවේ දෙවැනි හා තෙවැනි තැන අදිල් රෂීඩ් (එංගලන්තය) සහ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට හිමි ව තිබෙනවා.

වනිඳු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක් අඩියක් පසුපසට පැමිණ තිබෙනවා.

මේ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි සිය සගයා ව අබිබවා යන්නට යළිත් එංගලන්තයේ ජෝ රූට් සමත් වුණා.

තමන් කාලයක සිට රඳවාගත් මුලසුන පසුගියදා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී හැරී බෘක් විසින් දිනා ගනු ලැබුවා.

නමුත් යළිත් ජෝ රූට් සිය සුපුරුදු මුලසුන ලබාගැනීමටයි අද දින සිදු කර ඇති නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් සමත් ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16