කොදෙව් සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පසුගියදා ලිපියක් මඟින් ඔහු මේ බව දන්වා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

වසර 16ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිත්කරුවෙකුගේ භූමිකාව මනාව ඉටුකළ මෙම දකුණත් පිතිකරුවා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට 37 වන වියේ පසු වුණා.

2006 වසරේ පාකිස්ථානයට එරෙහිව එක්දින තරගයක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන සිමන්ස්, ජාත්‍යන්තර ටෙස්ට්වරම් හිමකර ගනු ලබන්නේ ඊට වසර 03කට පසුවයි.

2007 වසරේ දී විසයි විස්ස පිටියට පිවිසෙන ලෙන්ඩ්ල් සිමන්ස් එම ආකෘතිය තුළ තරග 68 කදී ලකුණු 1527ක් සහ එක්දින තරග 68ක් ද ක්‍රීඩා කරමින් ලකුණු 1958ක් රැස්කරගෙන සිටියා..

ජාත්‍යන්තර ටෙස්ට් තරග අටකට පමණක් ක්‍රීඩා කර ඇති මෙම ක්‍රීඩකයා එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 278ක්.

කෙසේ වෙතත් සිමන්ස් සීමිත පන්දුවාර තරග රටාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල පිතිකරුවෙකු ලෙස කැපීපෙනුන ක්‍රීඩකයෙක්.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඩෙනේෂ් රාම්දීන් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා.

සමුගැනීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, තමන් දිගටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවයි.

ටෙස්ට් තරග 74ක්, එක්දින තරග 139ක් සහ විස්සයි විස්ස තරග 71කට ක්‍රීඩා කර ඇති රාම්දීන් 2012 සහ 2016 වසරවල බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණ සඳහා සිය දායකත්වය ලබාදුන්නා.

කෙසේ වෙතත් දකුණත් පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු වූ රාම්දීන් කෙරෙහි 2019 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටුව වැඩි අවදානයක් නොදක්වන ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?