කොදෙව් සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පසුගියදා ලිපියක් මඟින් ඔහු මේ බව දන්වා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

වසර 16ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිත්කරුවෙකුගේ භූමිකාව මනාව ඉටුකළ මෙම දකුණත් පිතිකරුවා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට 37 වන වියේ පසු වුණා.

2006 වසරේ පාකිස්ථානයට එරෙහිව එක්දින තරගයක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන සිමන්ස්, ජාත්‍යන්තර ටෙස්ට්වරම් හිමකර ගනු ලබන්නේ ඊට වසර 03කට පසුවයි.

2007 වසරේ දී විසයි විස්ස පිටියට පිවිසෙන ලෙන්ඩ්ල් සිමන්ස් එම ආකෘතිය තුළ තරග 68 කදී ලකුණු 1527ක් සහ එක්දින තරග 68ක් ද ක්‍රීඩා කරමින් ලකුණු 1958ක් රැස්කරගෙන සිටියා..

ජාත්‍යන්තර ටෙස්ට් තරග අටකට පමණක් ක්‍රීඩා කර ඇති මෙම ක්‍රීඩකයා එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 278ක්.

කෙසේ වෙතත් සිමන්ස් සීමිත පන්දුවාර තරග රටාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල පිතිකරුවෙකු ලෙස කැපීපෙනුන ක්‍රීඩකයෙක්.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඩෙනේෂ් රාම්දීන් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා.

සමුගැනීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, තමන් දිගටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවයි.

ටෙස්ට් තරග 74ක්, එක්දින තරග 139ක් සහ විස්සයි විස්ස තරග 71කට ක්‍රීඩා කර ඇති රාම්දීන් 2012 සහ 2016 වසරවල බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණ සඳහා සිය දායකත්වය ලබාදුන්නා.

කෙසේ වෙතත් දකුණත් පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු වූ රාම්දීන් කෙරෙහි 2019 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටුව වැඩි අවදානයක් නොදක්වන ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47