spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කොදෙව් යෝධයින් ඉදිරියේ ඇෆ්ගනිස්ථානයට දරුණු පරාජයක්

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පැවති අවසන් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඇෆ්ගනිස්ථානය ලකුණු 104 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුලු පහක් දැවී ලකුණු 218ක් රැස් කළා.

මෙහිදී නිකලස් පූරන් ලකුණු 98ක් රැස්කරමින් කොදෙව් ඉනිමේ නියමුවා බවට පත් වුණා.

පන්දු 53ක් තුළ ඔහු රැස්කළ මෙම ලකුණු අනූඅටට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

මේ අතර මෙම තරගයේ දී නිකලස් පූරන් ජගත් විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවා බවට පත්වීමට සමත්වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ඔහු මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හයේ පහර 128ක් එල්ල කර තිබෙනවා.

මීට පෙර විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කොදෙව් පිතිකරුවා බවට පත්ව සිටියේ හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල්වන අතර, ඔහු හයේ පහර 124ක් එල්ලකර තිබුණා.

මේ අතර අද තරගයේ දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 16යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 114ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් කොදෙව්වන්ට ලකුණු 104ක් දැවැන්ත ජයක් හිමි වුණා.

පන්දු යැවීමේ දී ඕබෙඩ් මැකෝයි කඩුලු 03ක් සහ අකේල් හොසේන් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ලෝක කුසලාන තරගාවලියේ ‘C’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ඇෆ්ගනිස්ථාන පරාජයට පත් වුවත් සුපිරි 08 වටය සඳහා ඔවුන් සුදුසුකම් බලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?