AFC Banner
AFC Banner
Empty Ad

කොදෙව් දැවැන්තයින්ට අභියෝග ගත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20-20 තරගයේ කොදෙව් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 07ක් දැවී 179ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක රැස්කළ අතර, ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 59 ක් සහ 51ක් රැස් කළා.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් සහ පැතුම් නිස්සංක ලකුණු 11ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 02ක් බිද දැමුවා.

මෙම තරගය ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?