කොදෙව්වන් අපරාජිතව සුපිරි 08 දෙනාගේ වටයට

විස්සයි විස්ස ලෝක කුසලානයේ අද (19) පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉතාලිය අතර තරගය ලකුණු 42කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම පිටියට පිවිසි ඉතාලි කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේදී ලබා ගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 123ක් පමණයි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයේ පළමු වටයේ සහබාගි වූ සියලු තරග ජයගනිමින් ඉදිරි වටය සඳහා අපරාජිතව ගමන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !