කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි සහ අවසන් මෙන් ම තීරණාත්මක පන්දුවාර 20 තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවුණා.

තරගය අද (17) රාත්‍රී 7ට දඹුල්ලේ දී ආරම්භ වූ අතර කාසියේ වාසිය කොදෙව් නායක පවල්ටයි හිමිවුණේ.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තා.

නමුත් ආරම්භයේ සිටම දඟ පන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට තීරණය කළ නායක චරිත් අසලංකගේ තීරණය මත පළමු පන්දුවාරය යැවීමේ වගකීම හිමිවූයේ මහීෂ් තීක්ෂණටයි.

සිය නායකයාගේ තීරණයට නිසි සාධාරණය ඉටු කළ මහීෂ් තීක්ෂණ කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු 05ක දී බිඳ දැමුවා.

ඒ එවින් ලෙවිස් ව කිසිදු ලකුණක් නොදී ක්‍රීඩාගාරයට යළි හරවා යැවීමෙන්.

කොදෙව්වන්ගේ දෙවැනි කඩුල්ල ද ලකුණු 42දී අහිමි වන අතර එතැන් සිට ලකුණු 20ක් තුළ කොදෙව්වන්ගේ කඩුලු 03ක් දවා ගන්නට ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සමත් වුණා.

ලකුණු 62ක් වන විට කොදෙව්වන්ගෙන් කඩුලු 05ක් බිඳ වැටී තිබූ අවස්ථාවක නායක රෝව්මාන් පවල් සමග එක් වූ ගුඩකේෂ් මොටී ලකුණු 54ක සබඳතාවක් ගොඩනැගීමටයි සමත් වූයේ.

දඟ පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අනුකම්පා විරහිතව දැවැන්ත හයේ පහර එල්ල කළ පවල් සහ මොටී බිඳ වැටුණු කොදෙව් ලකුණු පුවරුවට යළිත් පණදෙන්නට වුණා.

මොටී පන්දු 15ක දී ලකුණු 32ක් රැස් කළේ හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් ද සමගින්.

පන්දුවාර 20 අවසානයේ කොදෙව්වන් කඩුලු 08ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර සිටි නායක පවල් පන්දු 26ක දී ලකුණු 37ක් ලබා සිටියදී දවා ගන්නට මතීෂ පතිරණ සමත් වුණා.

පවල්ගේ ලකුණු 37ට හයේ පහර 03ක් සහ හතරේ පහරක් ඇතුළත්.

බ්‍රැන්ඩන් කින්ග් ලකුණු 23ක් ද, ශායි හොප් සහ ශෙපර්ඩ් ලකුණු 18ක් ද සිය කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු 02ක බැගින් ද, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ හා නුවන් තුෂාර එක්ව එක් කඩුල්ල බැගින් ද බිඳ දැමුවා.

ඒ අනුව පන්දු 120ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක් අවශ්‍ය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03