කොත්මලේ වේල්ලේ ගමනාගමනයට අවසර ඇත්තේ සැහැල්ලු වාහන සඳහා පමණයි

විද්‍යාත්මක සහ දත්ත පදනම් කර ගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් පවසනවා.

අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඊයේ (09) දින පස්වරුවේ කොත්මලේ ජලාශ වේල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ මහවැලි සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ ඉදිරියේ දි කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට ප්‍රථම ජනතාව දැනුවත් කිරිමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.

ප්‍රධාන මාර්ග අවහිර වී ඇති නිසා ජලාශ වේල්ල මගින් වාහන ධාවනයට අවසර ලබා දී ඇති බවත්, (09) දින සිට ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කල බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරිමට අවසර දෙන බවයි මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?