කොත්මලේ වේල්ලේ ගමනාගමනයට අවසර ඇත්තේ සැහැල්ලු වාහන සඳහා පමණයි

විද්‍යාත්මක සහ දත්ත පදනම් කර ගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් පවසනවා.

අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඊයේ (09) දින පස්වරුවේ කොත්මලේ ජලාශ වේල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ මහවැලි සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ ඉදිරියේ දි කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට ප්‍රථම ජනතාව දැනුවත් කිරිමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.

ප්‍රධාන මාර්ග අවහිර වී ඇති නිසා ජලාශ වේල්ල මගින් වාහන ධාවනයට අවසර ලබා දී ඇති බවත්, (09) දින සිට ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කල බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරිමට අවසර දෙන බවයි මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36