කොත්තුවක් කළ ඇබැද්දිය, මනුෂ්‍ය ජීවිතයක් කෙළවර වූ හැටි

බද්දේගම නගරයේ පිහිටි හෝටලයකට කොත්තුවක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකු කොත්තු සකසමින් සිටි හෝටලයේ හිමිකරු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.

පසු ව එම පුද්ගලයා නිවසට ගොස් මන්නා පිහියක් රැගෙනවිත් හෝටල් හිමිකරුට පහර දුන් බව වාර්තා වෙනවා.

සිද්ධිය දුටු හෝටල් හිමිකරුගේ පුතා, තම පියාට පහර දෙනු දැක එම පුද්ගලයාට මෝල් ගසකින් පහර පහර දී ඇත.

පහර කෑ පුදගලයා එම ස්ථානයේ දී ම මිය ගිය බව සඳහන්.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 26ක කොටගොඩ, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ම තබා ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත යි.

හෝටල් හිමිකරු බද්දේගම රෝහලේ ප්‍රතිකාර ලබා, වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිට රෝහලට මාරු කර තිබෙනවා.

මෝල් හසෙන් පහර දුන් වයස අවුරුදු 25ක පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර, බද්දේගම පොලිසිය විසින් සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?