කොත්තුවක් කළ ඇබැද්දිය, මනුෂ්‍ය ජීවිතයක් කෙළවර වූ හැටි

බද්දේගම නගරයේ පිහිටි හෝටලයකට කොත්තුවක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකු කොත්තු සකසමින් සිටි හෝටලයේ හිමිකරු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.

පසු ව එම පුද්ගලයා නිවසට ගොස් මන්නා පිහියක් රැගෙනවිත් හෝටල් හිමිකරුට පහර දුන් බව වාර්තා වෙනවා.

සිද්ධිය දුටු හෝටල් හිමිකරුගේ පුතා, තම පියාට පහර දෙනු දැක එම පුද්ගලයාට මෝල් ගසකින් පහර පහර දී ඇත.

පහර කෑ පුදගලයා එම ස්ථානයේ දී ම මිය ගිය බව සඳහන්.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 26ක කොටගොඩ, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ම තබා ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත යි.

හෝටල් හිමිකරු බද්දේගම රෝහලේ ප්‍රතිකාර ලබා, වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිට රෝහලට මාරු කර තිබෙනවා.

මෝල් හසෙන් පහර දුන් වයස අවුරුදු 25ක පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර, බද්දේගම පොලිසිය විසින් සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08