කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුව ගත බව පොලිසිය පවසනවා.
පසුගිය 08 වනදා නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අනර්ථය සිදුකර ඇති බවට පිටකොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අනුව ආරම්භ කළ විමර්ශනවල දී ඊයේ (11) එම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපළවලින් කොටසක් ද සමඟ කැළණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 33 ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සිදුව ඇති අනර්ථය සම්බන්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක් සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.













