කොටහේන වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

පසුගිය 07 වනදා කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව මත මෙම සැකකරු පෙරේදා (10) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස වුරුදු 29 ක් වන මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හට රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේ දී පසුගිය 07 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකාරියන් දෙදෙනෙකු ඇතුළුව හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?