කොටහේන වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

පසුගිය 07 වනදා කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව මත මෙම සැකකරු පෙරේදා (10) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස වුරුදු 29 ක් වන මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හට රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේ දී පසුගිය 07 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකාරියන් දෙදෙනෙකු ඇතුළුව හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20