කොටහේන පාසල් දැරියගේ සිද්ධිය; පාසලේ CCTV දර්ශන ගැන පූර්ණ වාර්තාවක් උසාවිය ඉල්ලයි

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන
සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය වෙත ඊයේ (18) දැනුම් දුන්නා.

එම පාසලේ සී.සී.ටී.වී දර්ශන පටිගත වූ ඩි.වි.ආර් යන්ත්‍රය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බවත්, එහි වාර්තාව ලැබුණු වහාම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒ ඔස්සේ තවත් කිහිප දෙනෙකු⁣න් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බවද එහිදී ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය දැනුම් දුන්නා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් වෛද්‍ය වාර්තාව ද එහිදී අධිකරණයට භාර දෙනු ලැබුවා.

මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේ දී සැකකාර පාසල් ගුරුවරයා අධිකරණය පෙනී සිටි අතර, වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කර සිටියේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන තවදුරටත් සිදුකරන බවයි.

පසුගිය අප්‍රේල් 29 වන දින කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක සත් මහලින් පැන දිවි තොරකර ගත්තේ යැයි කියන පාසල් දැරිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල සැප්තැම්බර් මස 29දා කැඳවීමට නියෝග කළේ.

තවද විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?