කොටහේන පාසල් දැරියගේ සිද්ධිය; පාසලේ CCTV දර්ශන ගැන පූර්ණ වාර්තාවක් උසාවිය ඉල්ලයි

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන
සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය වෙත ඊයේ (18) දැනුම් දුන්නා.

එම පාසලේ සී.සී.ටී.වී දර්ශන පටිගත වූ ඩි.වි.ආර් යන්ත්‍රය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බවත්, එහි වාර්තාව ලැබුණු වහාම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒ ඔස්සේ තවත් කිහිප දෙනෙකු⁣න් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බවද එහිදී ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය දැනුම් දුන්නා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් වෛද්‍ය වාර්තාව ද එහිදී අධිකරණයට භාර දෙනු ලැබුවා.

මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේ දී සැකකාර පාසල් ගුරුවරයා අධිකරණය පෙනී සිටි අතර, වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කර සිටියේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන තවදුරටත් සිදුකරන බවයි.

පසුගිය අප්‍රේල් 29 වන දින කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක සත් මහලින් පැන දිවි තොරකර ගත්තේ යැයි කියන පාසල් දැරිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල සැප්තැම්බර් මස 29දා කැඳවීමට නියෝග කළේ.

තවද විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27