කොටහේන දැරියගේ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක් – ටියුෂන් ආයතනයේ හිමිකරුත් සී.අයි.ඩීයට

කොටහේන ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසනවා.

අදාළ දැරියගේ මරණයෙන් පසු ළමා හා කාන්තා අපයෝජන නිවරණ හා විමර්ශන කාර්යාංශයේ 109 දරණ හදිසි දුරකථන අංකයට තුන්වන පාර්ශ්වයක් විසින්; මෙම දැරිය සහභාගී වූ උපකාරක පංතියකදී එම ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා විසින් දරුවන් ඉදිරියේ එම මානසික පීඩනයට පත්කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව කොටහේන ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටිය දී අදාළ සිදුවීමට මුහුණදී ඇතැයි ද පොලිසිය පවනවා.

මේ අතර ඇය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ ම පාසලේ ගුරුවරයෙකුගේ අතවරයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර ගුරුවරයා පසුගිය ජනවාරි 08 වනදා අත්අඩංගුවට ගෙන ජනවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, එම නඩුව ලබන 19 වැනිදා යළි කැඳවීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මේ ඇත අදාළ දැරිය දරුවන් ඉදිරියේ එම මානසික පීඩනයට පත්කළ බවය කියන සැකකාර ටියුෂන් ආයතනයේ හිමිකරු ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

තමාගේ පිංතූර යොදාගනිමින් තමාගේ නමට ද අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?