කොටස් දහ දාහක් ගියත් මම දෙවෙනි ඉනිමෙන් අයින් වෙන්නේ නෑ

දෙවෙනි ඉනිම කියන්නේ ගොඩක් දෙනා බැන බැන, ඒත් තවමත් නරඹන, අපූරු ටෙලි නාට්‍යයක්නේ. බොහෝ දෙනා බනින නිසාවෙන් දෙවෙනි ඉනිම බලන ප්‍රේක්ෂක සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා.

මේ නිසාම පිට පිටම දෙවෙනි ඉනිම සඳහා සම්මානත් ලැබෙනවා. ඉතින් අද කතා කරන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඉන්න සුවිශේෂී චරිතයක් ගැන. මේ තමයි ප්‍රේක්ෂකයා හිනාගස්සන්නට උපන් හපන් කම් තිබෙන අපූරු චරිතයක් වන මයික් එහෙම නැත්නම් සැබෑ නමින් හැදින්වන්නේ දෙනුවන් සේනාධීර විදිහට.

ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ඔහු දක්ෂ නිවේදකයෙක් විදියටත් හඳුනාගන්නට පුළුවන්. ඉතින් ප්‍රහසනය කියන දේ තමන්ගෙ නිවේදනයටත් යොදාගනිමින් ප්‍රේක්ෂකයන්ව අපූරුවට ඇද ගැනීමේ හැකියාවක් ඔහුට තිබෙනවා.

ඉතින් දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වෙදිකාවෙ නිවේදකයෙක් විදිහට ඔහු හරිම ආදරණීය ලෙසත් හාස්‍ය උත්පාදන ලෙසත් ප්‍රේක්ෂකයන්ට අපූරු ආස්වාදයක් දෙන්නට ඉදිරිපත් වුණා.

ඉතින් ඔහු කියන කාරණාවක් තමයි ප්‍රහසන නළුවෙක් වෙනවට ඔහුගේ පියා අකමැතියි කියන කාරණාව. ඉතින් ඔහුගේ නාට්‍යයක්වත් තාත්තා බලන්නේ නැහැයි කියලා තමයි  සඳහන් කරන්නේ.

ඉතින් දෙනුවන් කියන්නේ ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුට පුංචි දියණියක් සිටිනවා. ඉතාමත් නිහතමානි විදිහට හැමෝටම එක වගේ සලකන, කෙතරම් ජනප්‍රිය වුණත් ද ඔහුගේ තියෙන නිහතමානී ගතිය වෙනස් කරගන්නට දෙනුවන් යොමුවන්නේ නැහැ..

ඉතින් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය ලියන සමන් එදිරිමුනි කියන්නේ එකම පාසලේ එකට ඉගෙන ගත්ත මිතුරන් බව ඔහු වරෙක සඳහන් කරලා තිබුනා. ඉතින් දැන් දෙනුවන්ට අවුරුදු තිස් අටක්. ඉතින් වයස ගැන දැනෙන්නෙ දැන් කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුණේ.

ඉතින් දෙවෙනි ඉනිම ඔහුගේ ජීවිතය වෙනස් කළ බව සඳහන් කරන අතරම එයින් ලබන වැටුපෙන් තමයි දෙනුවන් ජීවිතය ගෙන යන්නේ කියලත් සඳහන් කරල තිබුණා.

ඉතින් මයික් කියන චරිතයට ඔහු බොහොම ආදරේ බවත් සඳහන් කෙරෙන අතරම මයික් කරන කැපකිරීම ප්‍රධාන නළුවාවත් ටෙලි නාට්‍ය වෙනුවෙන් කෙළේ නැහැ කියලා ඔහු යම් අවස්ථාවක පවසනවා.

යම්කිසි කෙනෙක් හිනස්සලා තමයි ඔහු කන්නෙ බොන්නෙ කියලා කියන අතරම ඒ ගැන බොහොම සතුටු වෙනව කියලත්  සඳහන් කරනවා.

ඉතින් දෙවෙනි ඉනිම කොටස් දහ දාහක් කරත් ඔහු ඉන්නව කියල තමයි කියන්නේ. ඒකෙන් ඔහු ජනප්‍රිය වුණා, රටවල් වල ඇවිද්දා, වේතනයක් ලබා ගත්තා, ඒ නිසා ඒකට ගරු කරනවා කියලත්  සඳහන් කරලා තිබෙනවා.

බොහෝ දෙනා ඔහුගේ චරිතයට බනින බවත් ගවුමක් ඇන්ද නිසා සමහරු කුනුහරපෙන් බැන්න බවත් දෙනුවන් දන්නවා. ඉතින් එදා කරපු චරිතයට යම්කිසි වේතනයක් ලැබෙන නිසාවෙන් එම චරිතය සිද්ධ කරලා එතනින් ආවා ඒක ඉවරයි කියලා තමයි කියන්නේ.

ඉතින් ජොබ් එකක් කරන නිසාවෙන් එහි උපරිමය කරන්නට ඕන කියන කාරණාවත් ඔහු සඳහන් කරල තිබුණා.  මයික් කියන්නේ බොහොම ආදරණීය ගොඩක්  හිනස්සන චරිතයක්. මේ නිසාවෙන් දෙනුවන්ට ප්‍රේක්ෂකයන් සතුටු කරන්නට ලැබෙනවා කියලා සඳහන් කෙරෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23