කොච්චර බොරු ප්‍රවෘත්ති පළ කළත් ඔයාගෙ මල්ලිට සමාවක් නෑ – අධිකරණ ඇමති

කෙතරම් අසත්‍ය ප්‍රවෘත්ති පැතිරුව ද, කිසිදු ලෙසකින් රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය නාලිකාවේ හිමිකරුගේ සහෝදරයාට ජනාධිපති සමාව නොදෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

අද (04) පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, වර්තමාන රජය අධිකරණය ස්වාධීනත්වයට පත් කර ඇති බවත්, එබැවින්, ආණ්ඩුවේ ක්‍රියාවලිය අඩපණ කිරීමට ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක් කෙතරම් උත්සාහ දැරුව ද එය නිශ්ඵල වෑයමක් බවයි.

තම රජය බලයට පත්වීමට පෙර වසර එකහමාරකට ආසන්න කාලයක් බොරු අසනීපයක් මවා පාමින් ධනය හා බලය අයුතු ලෙස උපයෝගී කරගනිමින්, බන්ධනාගාර රෝහලේ සිටි බවත්, පසුව වත්මන් රජයේ ක්‍රියාපටිපාටියට අනුව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ව පත් කර, අදාළ මාධ්‍ය නාලිකාව හිමිකරුගේ සහෝදරයාට කිසිදු අසනීපයක් නොමැති බවට තහවුරු කරගැනීමට කටයුතු කළ බව ද අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ හේතුවෙන් අධිකරණ ස්වාධිපත්‍යය මත නිසි සාධාරණ දඬුවම් පමුණුවීමට යළි අදාළ තැනැත්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම වත්මන් රජය බලයේ සිටියදී සිදු වූ බව ද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
51
+1
4
+1
80
+1
3
+1
3
+1
4
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?