කොච්චර බොරු ප්‍රවෘත්ති පළ කළත් ඔයාගෙ මල්ලිට සමාවක් නෑ – අධිකරණ ඇමති

කෙතරම් අසත්‍ය ප්‍රවෘත්ති පැතිරුව ද, කිසිදු ලෙසකින් රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය නාලිකාවේ හිමිකරුගේ සහෝදරයාට ජනාධිපති සමාව නොදෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

අද (04) පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, වර්තමාන රජය අධිකරණය ස්වාධීනත්වයට පත් කර ඇති බවත්, එබැවින්, ආණ්ඩුවේ ක්‍රියාවලිය අඩපණ කිරීමට ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක් කෙතරම් උත්සාහ දැරුව ද එය නිශ්ඵල වෑයමක් බවයි.

තම රජය බලයට පත්වීමට පෙර වසර එකහමාරකට ආසන්න කාලයක් බොරු අසනීපයක් මවා පාමින් ධනය හා බලය අයුතු ලෙස උපයෝගී කරගනිමින්, බන්ධනාගාර රෝහලේ සිටි බවත්, පසුව වත්මන් රජයේ ක්‍රියාපටිපාටියට අනුව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ව පත් කර, අදාළ මාධ්‍ය නාලිකාව හිමිකරුගේ සහෝදරයාට කිසිදු අසනීපයක් නොමැති බවට තහවුරු කරගැනීමට කටයුතු කළ බව ද අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ හේතුවෙන් අධිකරණ ස්වාධිපත්‍යය මත නිසි සාධාරණ දඬුවම් පමුණුවීමට යළි අදාළ තැනැත්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම වත්මන් රජය බලයේ සිටියදී සිදු වූ බව ද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20