කොග්ගල මෝය අසල දියනෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර අද (30) පෙරවරුවේ අහංගම – කතළුව පාලම අසල වෙරළ තීරයට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ 14 හැවිරිදි වියේ පසු වූ සිසුවෙක්ගේ මළ සිරුරක්.
මෙම සිසුවා ඊයේ (29) පස්වරුවේ දෙමාපියන් හා ඥාතීන් පිරිසක් සමඟ කොග්ගල මෝය අසල මුහුදේ දිය නාමින් සිටිය දී දියේ ගිලී අතුරුදන්ව තිබුණා.
සිසුවා තම දෙමාපියන් සහ තවත් ඥාතීන් පිරිසක් සමඟ හැටන් ප්‍රදේශයේ සිට කොග්ගල ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
8
+1
2
+1





