කොකේන් සමඟ ජනප්‍රිය රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය සමඟ ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්තේගොඩ පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති රංගන ශිල්පියා අනුරාධපුර ප්‍රදේශයේ පදංචි අයෙක් වන අතර, අනෙක් සැකකරුවන්
අනුරාධපුර ප්‍රදේශයේ සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට අනුරාධපුරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙකු පිළිබඳව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව පිළියන්දල ප්‍රදේශයේ පිහිටි අදාළ බෝඩිං කාමරයක් පරීක්ෂා කර තිබෙනවා.

පසුව මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ලබා දෙන පුද්ගලයා පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ පිළියන්දල නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් ගංජා මිශ්‍ර චිප්ස් ග්‍රෑම් 255 හමු වී ඇති බවයි වාර්තා වුණේ.

පසුව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය අවසන් වරට අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලබාදෙන බවත්, එලෙස ලැබෙන මත්ද්‍රව්‍ය කොළඹ සිට අනුරාධපුරයට කූරියර් සේවාවක් හරහා ප්‍රවාහනය කරන බවටයි තොරතුරු අනාවරණය එඉ ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (17) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
11
+1
110
+1
9
+1
16
+1
6
+1
54
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28