කොකේන් ගුලි 57ක් ගිලදමා පැමිණි විදෙස් කතක් අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57ක් ගිලදමා පැමිණි විදේශීය කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ එතැන් සිට යූ.කේ – 131 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ එත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව විසින් ගිලදමා පැමිණි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

රෝහලේ දී ඇයට විරේක බෙහෙත් ලබාදෙමින් එම ගුලි ශරීරයෙන් පිටතට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඇය මෙම කොකේන් මත්ද්‍රව්‍ය උපත් පාලන කොපු තුළ බහා තවදුරටත් පිටතට කාන්දුවීමක් සිදු වුවහොත් එය වළක්වා ගැනීමට සෙලෝ ටේප් මඟින් ද අලවා තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතික කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?