කොකේන් ගුලි 57ක් ගිලදමා පැමිණි විදෙස් කතක් අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57ක් ගිලදමා පැමිණි විදේශීය කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ එතැන් සිට යූ.කේ – 131 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ එත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව විසින් ගිලදමා පැමිණි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

රෝහලේ දී ඇයට විරේක බෙහෙත් ලබාදෙමින් එම ගුලි ශරීරයෙන් පිටතට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඇය මෙම කොකේන් මත්ද්‍රව්‍ය උපත් පාලන කොපු තුළ බහා තවදුරටත් පිටතට කාන්දුවීමක් සිදු වුවහොත් එය වළක්වා ගැනීමට සෙලෝ ටේප් මඟින් ද අලවා තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතික කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05