කෙහෙළිය ඇතුළු තිදෙනකුගේ පයිප්ප බට නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයට දින දෙයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍යතාවක් නොතිබියදීත් එම සංස්ථාවට අයත් රුපියල් 990000ක මුදලක් වැයකර ජී අයි බට 600ක් මිල දී ගෙන ඒවා දේශපාලන කටයුතු සඳහා යෙදවීමෙන් රජයට පාඩුවක් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (18) තීන්දු කළා.

වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙකු හමුවේ ආරම්භ කර තිබූ එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී පැමිණිල්ල වෙනුවෙන් ලබා දුන් සාක්ෂි පිළිගෙන වැඩිදුර සාක්ෂි විභාගය තමන් ඉදිරියේ පැවැත්වීමට විත්ති පාර්ශ්වය මෙන් ම පැමිණිල්ල ද එකඟ වීම නිසා එදිනට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පැමිණිල්ලේ පස්වැනි සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි යැවීමට ද අධිකරණය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතුගම උණුසුම තවත් වැඩිවෙයි..කොට්ටහච්චි ලොරියකට නැගලා විපක්ෂයේ රෙදි ගැ#වෙන්නම දෙසයි
12:18
Video thumbnail
ප්‍රභා ගැන කියූ අර්චුනාට වැඩ වරදියි ?..රටම දෙදරන හෙළිදරව්වක් එළියට
09:11
Video thumbnail
ආණ්ඩු පත් කරන්නත් පළවා හරින්න බලය තියෙන්නේ ගැහැණු අපිට..කොට්ටහච්චි විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
07:47
Video thumbnail
මතුගම නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්.."ප්‍රේමදාස..මොකක්ද මේ අ#හනේ" හරිනි සහෝදරිය වෙනුවෙන් පාරට බැස්සේ
04:51
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51


?