කෙසෙල් ගෙඩියක් නිසා මාස 11ක බිළිදෙකුගේ දිවිගමන අවසන් වෙයි

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවීමෙන් මාස 11ක් වයසැති බිළිදෙක් මියගොස් තිබෙනවා. තම මව විසින් ආහාර වශයෙන් ලබාදුන් කෙසෙල් ගෙඩි කැබැල්ලක් සිරවීම හේතුවෙන් බිළිඳා ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ, අහංගම පොලිස් වසමේ අංක 56, මැදගේට්ටුව, ඇද්දුන්කැළේ ලිපිනයේ පදිංචි චලන නිම්සර නැමති පිරිමි දරුවෙකි.

බිළිඳාගේ සිරුර ඉදිරි විමර්ශන සඳහා ගාල්ල කරාපිටිය රෝහලට යොමුකර ඇති බව පොලීසිය සඳහන් කළේ.

“එයාට තව ලෙඩ තිබුණා. ඔපරේෂන් එකක් පවා කරා. තාත්තාපිටි දීලා තමයි බොහෝම අමාරුවෙන් ජීවත් කළේ. දැන් ඔය දේ වුණා. අපිට ඉතින් සෑහෙන්න හිතට වේදනයි. මොකද අපි හිතාගෙන හිටිය දවස්වල නෙමෙයි ඔය දේ වුණේ. ටිකක් හොඳ තත්ත්වයට ගත්තාට පස්සේ තමයි ඔය දේ වුණේ. ඒකයි අපිට උහුල ගන්න බැරි.” බිළිඳාගේ මිත්තණිය මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කරුණු සඳහන් කර සිටියේ.

මේ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දරුවන්ට ආහාර ලබාදීමේදී වැඩිහිටියන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

දරුවෙකුට ආහාර සිරවීමක් සිදු වුවහොත් එම අවස්ථාවේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙලෙස පැහැදිලි කර සිටියා..

“මොනවා හරි හිර කරගත්තොත් දරුවා කෑම ගනිද්දි, කිරි බොද්දි හිරවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක දී හිස පහළට දාලා කකුල් දෙක ඉහළට අරන් පිටට පස් වතාවක් ගහන්න බලන්න. එහෙම වුණොත් කිරි හිරවුණ එක කෑම හිරවුණ එක අපිට එළියට ගන්න පුළුවන්. එහෙම නැතුව කෑමක් හිරවුණොත් ඒ දරුවාගේ හිස ඉහළට ගත්තොත් ඒ හිරවුණ කිරි හෝ කෑම හෝ දරුවාගේ පෙනහලුවලට ගිහින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ප්‍රථමාධාරය දැනගත යුතුයි. විශේෂයෙන්ම ඔරලෝසු බැටරි වගේ දේවල් කටේ දාගන්න දරුවෝ ඉන්නවා ඒවා පෙනහලු මාර්ගයට ගියොත් ඉතාම භයානකයි. දරුවෝ ගැන අවධානමින් හිටියේ නැත්නම් ඒ දරුවන්ගේ මරණය පවා සිදුවෙන්න පුළුවන්. දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩදෙන්න. නමුත් පිටුපසින් සිට ඔවුන් ව හොඳින් බලාගන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10