කෙහෙල්බද්දර පද්මේ සඟවා තිබූ පිස්තෝලයක් ඇතුළු බඩු කිහිපයක් හමුවෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙක්වන කෙහෙල්බද්දර පද්මේ විසින් සඟවා තැබූ බව පැවසෙන මයික්‍රෝ පිස්තෝලයක්, ගල්කටස් අවියක්, ටී-56 වර්ගයේ මැගසින් තුනක්, ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් සහ යුධ හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව මාංචු කුට්ටමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මේවා ගම්පහ ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දීයි සොයාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?