කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භර දී තිබෙනවා.

ඒ, අනුව සමාජ මාධ්‍ය ඔස්සේ එම ප්‍රශ්න පත්‍රය සංසරණයවීම සම්බන්ධයෙන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය ජනවාරි 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ එය විභාගයට පෙර නිකුත් වී ඇති බවට තොරතුරු ලැබීමත් සමඟයි.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය උසස් පෙළ විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන බවත්, ඊට අදාළ දිනය විභාග අපේක්ෂකයින් වෙත පසුව දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29