spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භර දී තිබෙනවා.

ඒ, අනුව සමාජ මාධ්‍ය ඔස්සේ එම ප්‍රශ්න පත්‍රය සංසරණයවීම සම්බන්ධයෙන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය ජනවාරි 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ එය විභාගයට පෙර නිකුත් වී ඇති බවට තොරතුරු ලැබීමත් සමඟයි.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය උසස් පෙළ විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන බවත්, ඊට අදාළ දිනය විභාග අපේක්ෂකයින් වෙත පසුව දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?