කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සඳහා නව සැලසුම්

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන අතර එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමින්.

ඉංජිනේරුවෙකු ලෙස රට වෙනුවෙන් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “විශ්වලිංගම්” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉංජිනේරු කේ. එල්. එස් සහබන්දු මහතා වෙත පිරිනමනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති තිලක් ද සිල්වා මහතා විසින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන ලද “Hand book for Electricians” කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණික නවෝත්පාදනයන් සහ කෘෂි නවීකරණය සමඟ ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා ගෙනයාමට සක්‍රීයව එක් වන ලෙස තමා ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

තරඟකාරිත්වය, ඩිජිටල් පරිවර්තනය සහ හරිත ආර්ථිකය යන ක්ෂේත්‍රය තුළ අද ඉංජිනේරුවන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් එම අංශ සංවර්ධනය කිරීම තුළින් රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදාකර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එසේම මෙරට විවිධ ක්ෂේත්‍රවල ඉහළ තරඟකාරීත්වක් ඇති කිරීමට ඉංජිනේරුවන්ගේ නිපුණතාවන් ඉවහල් කර ගත හැකි අතර, රටේ ආර්ථිකයට එය ඵලදායී ලෙස දායක කර ගැනීමට ඉදිරි දශකය තුළ සැලසුම් සහගතව කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මහවැලි කලාපයේ සහ වතුකරයේ මෙතෙක් භාවිතයට නොගත් ඉඩම් අක්කර ලක්ෂ 7ත් -10ත් අතර ප්‍රමාණයක් පවතින බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී එම ඉඩම් භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද සඳහන් කළා.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන කෘෂිකර්ම පර්යේෂණ ආයතන සියල්ල ඒකාබද්ධ කර කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීම අරමුණ බවත් එය කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉවහල් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

1970 වසරේ සිට විෂය ක්ෂේත්‍ර දෙකක් යටතට පත් කර තිබු වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර දෙක ඒකාබද්ධ කිරීමට තමන් පියවර ගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

ණය ප්‍රශස්තකරණය සහ තිරසර ආර්ථිකයක් ගොඩනැගීම යන අරමුණු ඉටු කර ගැනීමේ දී නව දැක්මක් සහ ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනු ලැබුවා.

මෙරට ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන හරිත හයිඩ්‍රජන් අපනයනය සඳහා ඇති හැකියාව පිළිබඳව සොයා බලා එය ක්‍රියාත්මක කිරිමට හැකි තාක්ෂණික ක්‍රමවේද සොයා ගැනීමේ හැකියාව ඉංජිනේරුවන් සතුව පවතින බවද ජනාධිපතිවරයා ‍පෙන්වා දුන්නා.

ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ මහනුවර මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මහවැලිය ව්‍යාපාරය වැනි දැවැන්ත ව්‍යාපෘති මෙරට ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය ලොවට ප්‍රදර්ශනය කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආර්ථිකය වෙනුවෙන් මෙරට ඉංජිනේරුවන් ලබාදුන් දායකත්වය තමා ඉතා අගය කරන බවයි කියාසිටියේ.

ඉංජිනේරු තාක්ෂණයේ දායකත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟීම අභියෝගයක් බවත් එහිදී නිපුණතා සහිත ඉංජිනේරුවරුන් බිහිකිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

මෙම තාක්ෂණික ප්‍රගතිය සඳහා අවශ්‍ය මානව සම්පත් හිඟයට පිළියම් යෙදීමේදී තාක්ෂණික අධ්‍යාපනයේ සහ වෘත්තීය ඉංජිනේරු කුසලතාවල වැදගත්කම ද පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි අය වැයේ දී රජය මේ පිළිබඳ නව්‍ය විසඳුම් යෝජනා ඉදිරිපත් කරන බවයි කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54