කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සඳහා නව සැලසුම්

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන අතර එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමින්.

ඉංජිනේරුවෙකු ලෙස රට වෙනුවෙන් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “විශ්වලිංගම්” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉංජිනේරු කේ. එල්. එස් සහබන්දු මහතා වෙත පිරිනමනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති තිලක් ද සිල්වා මහතා විසින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන ලද “Hand book for Electricians” කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණික නවෝත්පාදනයන් සහ කෘෂි නවීකරණය සමඟ ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා ගෙනයාමට සක්‍රීයව එක් වන ලෙස තමා ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

තරඟකාරිත්වය, ඩිජිටල් පරිවර්තනය සහ හරිත ආර්ථිකය යන ක්ෂේත්‍රය තුළ අද ඉංජිනේරුවන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් එම අංශ සංවර්ධනය කිරීම තුළින් රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදාකර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එසේම මෙරට විවිධ ක්ෂේත්‍රවල ඉහළ තරඟකාරීත්වක් ඇති කිරීමට ඉංජිනේරුවන්ගේ නිපුණතාවන් ඉවහල් කර ගත හැකි අතර, රටේ ආර්ථිකයට එය ඵලදායී ලෙස දායක කර ගැනීමට ඉදිරි දශකය තුළ සැලසුම් සහගතව කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මහවැලි කලාපයේ සහ වතුකරයේ මෙතෙක් භාවිතයට නොගත් ඉඩම් අක්කර ලක්ෂ 7ත් -10ත් අතර ප්‍රමාණයක් පවතින බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී එම ඉඩම් භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද සඳහන් කළා.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන කෘෂිකර්ම පර්යේෂණ ආයතන සියල්ල ඒකාබද්ධ කර කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීම අරමුණ බවත් එය කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉවහල් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

1970 වසරේ සිට විෂය ක්ෂේත්‍ර දෙකක් යටතට පත් කර තිබු වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර දෙක ඒකාබද්ධ කිරීමට තමන් පියවර ගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

ණය ප්‍රශස්තකරණය සහ තිරසර ආර්ථිකයක් ගොඩනැගීම යන අරමුණු ඉටු කර ගැනීමේ දී නව දැක්මක් සහ ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනු ලැබුවා.

මෙරට ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන හරිත හයිඩ්‍රජන් අපනයනය සඳහා ඇති හැකියාව පිළිබඳව සොයා බලා එය ක්‍රියාත්මක කිරිමට හැකි තාක්ෂණික ක්‍රමවේද සොයා ගැනීමේ හැකියාව ඉංජිනේරුවන් සතුව පවතින බවද ජනාධිපතිවරයා ‍පෙන්වා දුන්නා.

ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ මහනුවර මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මහවැලිය ව්‍යාපාරය වැනි දැවැන්ත ව්‍යාපෘති මෙරට ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය ලොවට ප්‍රදර්ශනය කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආර්ථිකය වෙනුවෙන් මෙරට ඉංජිනේරුවන් ලබාදුන් දායකත්වය තමා ඉතා අගය කරන බවයි කියාසිටියේ.

ඉංජිනේරු තාක්ෂණයේ දායකත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟීම අභියෝගයක් බවත් එහිදී නිපුණතා සහිත ඉංජිනේරුවරුන් බිහිකිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

මෙම තාක්ෂණික ප්‍රගතිය සඳහා අවශ්‍ය මානව සම්පත් හිඟයට පිළියම් යෙදීමේදී තාක්ෂණික අධ්‍යාපනයේ සහ වෘත්තීය ඉංජිනේරු කුසලතාවල වැදගත්කම ද පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි අය වැයේ දී රජය මේ පිළිබඳ නව්‍ය විසඳුම් යෝජනා ඉදිරිපත් කරන බවයි කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01