Empty Ad
AFC Banner
Empty Ad

කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක හා රාජ්‍ය සේවය නගා සිටුවීමට නෙදර්ලන්තයේ සහාය

කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණික සහාය සහ මූල්‍ය පහසුකම් ලබාදීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමු ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඉවාන් රෙට්ජෙන්ස් (Iwan Rutjens) මහතා ඇතුළු නෙදර්ලන්ත වැගිනින්ගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මහාචාර්යවරු කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී අද (13) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි.

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි දී පසුගිය වසර 7 පුරාවටම ලෝකයේ අංක එකේ තිරසර විශ්වවිද්‍යාලය ලෙස නම් කර ඇති නෙදර්ලන්තයේ වැගිනින්ගන් විශ්වවිද්‍යාලය හා පර්යේෂණ ආයතනය (Wageningen University & Research) කෘෂිකර්ම, කෘෂි පාරිසරික සංචාරක කර්මාන්තය යන අංශයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් හා එක්ව නව සහයෝගීතා වැඩසටහන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

ඒ සඳහා ඇති අවස්ථාවන් හා අභියෝග හඳුනා ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි අරමුදල් සැපයෙන බහුපාර්ශ්වික සංවිධානවල සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිව වනවගාවන් සහ තිරසාර ආහාර පද්ධති සඳහා වන ව්‍යාපෘති සිදු කිරීම සඳහා අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වැඩසටහන්වල දී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරමින් තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් ලබාදීමට මෙහිදී නෙදර්ලන්ත නියෝජිත පිරිස කැමත්ත පළ කර තිබෙනවා.

නෙදර්ලන්තයේ වැගිනින්ගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ සභාපති මහාචාර්ය විල්ෆ්‍රඩ් ඩොල්ෆ්ස්මා, කල්‍යාන් චක්‍රවර්තී ගුන්ටුබොයිනා, සංස්කෘතික භූගෝලීය පර්යේෂණ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එඩ්වර්ඩ් හයිජ්බෙන්ස්, නෙදර්ලන්තයේ සොල්මිරායි සමාගම් සමූහයේ (Solmirai group of companies) රිකාඩෝ ඇබ්ඩොයෙල්, ෂාමෝ ලඛීසරන් යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?