AFC Banner
AFC Banner
Empty Ad

කුසල්ගේ සැත්කමට වියදම දැරීමට ක්‍රිකට් ආයතනය බෑ කියයි

කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදුකරන ශල්‍යකර්මය සඳහා වන වියදම දැරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

කුසල් පෙරේරා බ්‍රිතාන්‍යයේදී ඔහුගේ උරහිසේ ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත අතර ඒ සඳහා වන වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කුසල් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හමුවීමට බලාපොරොත්තු වන අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව කුසල්ගේ සිදුකිරීමට ශල්‍යකර්මය ප්‍රමාදවීම හේතුවෙන් ඔහුට මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය ද මඟ හැරී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?