spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුවේට් රාජ්‍යයේ බලහත්කාරයෙන් වැඩ ගනිමින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු දිවයිනට

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් වැඩ ගනිමින්, පහර දෙමින් , ආහාර සහ වැටුප් ලබා නොදෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන අද දින (9) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය , කින්නියා ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් කින්නියා ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන තැරැව්කරුවෙකු මාර්ගයෙන් කුවේටයේ මෙම රැකියා සඳහා ගොස් තිබුණා.

කුවේට් රාජ්‍යයේ ප්‍රබල ෂේක්වරයාගේ බලපෑම සහ පරිසරයේ පවතින දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා කුවේටයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානී මේජර් ජනරාල්වරියගේ සහාය ලබා ගැනීමෙන් විශේෂ හමුදාමය මෙහෙයුමක් දියත් කර මෙම පිරිස බලවත් පරිශ්‍රමයකින් පසුව බේරා ගත බවයි වාර්තා වන්නේ.

එසේම එම ආරක්ෂක අංශ ප්‍රධානී නිලධාරීවරියගේ සහ එරට රජයේ සහාය මත මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම සදහා වීසා ලබා ගැනීමට ද හැකි වී තිබෙන අතර කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන තානාපති නිලධාරී අබ්දුල් හලීම් සහ එහි තෙවන ලේකම් ජනක සමරසේකර යන මහත්වරුන් ද මෙම තරුණයන් පිරිස බේරා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම ගොවිපළේ මේ ආකාරයට රදවා ගෙන සිටි තවත් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් ඇසුරෙන් මේ වනවිට ත්‍රිකුණාමලය පොලිසිය මෙම නීතිවිරෝධී තැරැව්කරුවන් සහ මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කරනවා

තරුණයන් පිරිස අද (9) දින අලුයම 03.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගෙන , ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?