AFC Banner
AFC Banner
Empty Ad

කුලී රථ රියදුරන් රවටා දේපළ කොල්ල කෑ කල්ලියක් කොටිකාවත්තේ දී අල්ලයි

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරන් රවටා රැගෙන ගොස් ඔවුන්ගේ මිල මුදල් ඇතුළු වටිනා දේපළ කොල්ලකෑම්වල නිරත වූ කල්ලියක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සංවිධානාත්මක කල්ලිය කොටිකාවත්ත, කුඩාබුත්ගමුව ප්‍රදේශයේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු කල්ලියේ අඹු සැමි යුවළක් ද සිටින අතර, එම කාන්තාව තෙමස් ගැබිනියක් බවයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ වයස අවුරුදු 18 හා 22 හැවිරිදි වියේ පසුවන අතර අනෙකුත් සැකකරුවන් 29,30 සහ 39 යන වයස්වල පසුවන්නන්.

පසුගිය මාස දෙකක පමණ කාලයක සිට හංවැල්ල, මුල්ලේරියාව, වැලිකඩ සහ මීගොඩ යන ප්‍රදේශවල කුලී රථ රියදුරන් කිහිප දෙනෙක් කොල්ලකෑම් වලට ලක්වූ බවට ලද පැමිණිලි කිහිපයක් මත සිදුකළ විමර්ශන වලදීයි මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

කුලී ගමන් යන මුවාවෙන් අදාළ රියදුරන් රවටා රැගෙන ගොස් හංවැල්ල, ආටිගල, අඹතලේ යන ප්‍රදේශවලදී ඔවුන්ට පහර දී ඔවුන් සන්තකයේ තිබූ වටිනා දෑ මෙම කල්ලිය විසින් කොල්ල කා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස කොල්ලකන ලද සියලු දේපළ තොටලඟ, කොහිලවත්ත හා පිටකොටුව ආදී ප්‍රදේශවලට අඩු මුදලකට අලෙවි කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

දැඩිලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන් හංවැල්ල, කොටිකාවත්ත, අම්පාර සහ ඉඟිනියාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරුවන් සහ සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?