කුලී රථ රියදුරන් රවටා දේපළ කොල්ල කෑ කල්ලියක් කොටිකාවත්තේ දී අල්ලයි

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරන් රවටා රැගෙන ගොස් ඔවුන්ගේ මිල මුදල් ඇතුළු වටිනා දේපළ කොල්ලකෑම්වල නිරත වූ කල්ලියක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සංවිධානාත්මක කල්ලිය කොටිකාවත්ත, කුඩාබුත්ගමුව ප්‍රදේශයේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු කල්ලියේ අඹු සැමි යුවළක් ද සිටින අතර, එම කාන්තාව තෙමස් ගැබිනියක් බවයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ වයස අවුරුදු 18 හා 22 හැවිරිදි වියේ පසුවන අතර අනෙකුත් සැකකරුවන් 29,30 සහ 39 යන වයස්වල පසුවන්නන්.

පසුගිය මාස දෙකක පමණ කාලයක සිට හංවැල්ල, මුල්ලේරියාව, වැලිකඩ සහ මීගොඩ යන ප්‍රදේශවල කුලී රථ රියදුරන් කිහිප දෙනෙක් කොල්ලකෑම් වලට ලක්වූ බවට ලද පැමිණිලි කිහිපයක් මත සිදුකළ විමර්ශන වලදීයි මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

කුලී ගමන් යන මුවාවෙන් අදාළ රියදුරන් රවටා රැගෙන ගොස් හංවැල්ල, ආටිගල, අඹතලේ යන ප්‍රදේශවලදී ඔවුන්ට පහර දී ඔවුන් සන්තකයේ තිබූ වටිනා දෑ මෙම කල්ලිය විසින් කොල්ල කා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස කොල්ලකන ලද සියලු දේපළ තොටලඟ, කොහිලවත්ත හා පිටකොටුව ආදී ප්‍රදේශවලට අඩු මුදලකට අලෙවි කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

දැඩිලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන් හංවැල්ල, කොටිකාවත්ත, අම්පාර සහ ඉඟිනියාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරුවන් සහ සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15